e-wis ආයතනය කියන්නේ 2013 වර්ෂයේදී ආරම්භ වූ ශ්‍රී ලාංකික ආයතනයක්. විශේෂයෙන්ම පරිග්ණක එකලස් කිරීම සහ නිපදවීම ඇතුළු තවත් බොහේ දේවල් මේ වනවිට මෙම ආයතනය මඟින් සිදු කෙරෙනවා. විශේෂයෙන්ම පරිගණක නිෂ්පාදනය කිරීමෙහි ලා මෙම ආයතනය ඉතා හොඳ කීර්තිනාමයක් මේ වනවිට ලෝකයේ ප්‍රසිද්ධ පරිගණක සහ තාක්ෂණය ආයතන අතරින් දිනාගෙන තිබෙනවා. එයට විශේෂම හේතුවක් විදිහට මෙම කර්මාන්තශාලාව තුළ නිපදවෙන පරිගණක සහ අනෙකුත් උපාංග වල ඇති ඉහළ ගුණාත්මක බව දැක්විය හැකිය. එම නිසාම තත්ත්ව සහතික ගණනාවක්ම e-wis ආයතනය සතු වෙනවා.
වර්තමානය වනවිට ලංකාවේ බහුතරයක් රාජ්‍ය ආයතන, පාසල් , විශ්වවිද්‍යාල සහ බැංකු වල e-wis පරිගණක භාවිතා කරන අතර පෞද්ගලික ආයතන සහ බැංකු රැසකත් මේ වනවිට e-wis පරිගණක භාවිතා වෙනවා. ඉතිං මෙම පරිගණක ලාංකීය සාමාන්‍ය පාරිභෝගික ජනතාවටත් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන ආකාරයේ වැඩපිළිවලක් මේ වනවිට e-wis ආයතනය ආරම්භ කර තිබෙනවා. එනම් මේ වනවිට e-wis පරිගණක සහ අනෙකුත් උපාංග අන්තර්ජාලය හරහා මිළදී ගැනීමට හැකියාව පවතිනවා. පහත සඳහන් link එක භාවිතයෙන් ඔබට මෙම වෙබ් අඩවිය සඳහා පිවිසිය හැකිය.
https://www.ewispc.com
https://www.ewispc.com
මෙම වෙබ් අඩවිය හරහා ඔබට ඔබගේ සිහින පරිගණක ඇනවුම් කිරීමට හැකියාව පවතින අතර එම ඇණවුමට අනුව ඔබගේ පරිගණක අපේ රටේම නිෂ්පාදනය වන අතර එය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා. ඔබ විසින් මිලදී ගන්නා e-wis පරිගණක සහ අනෙකුත් උපාංග සඳහා 100% ක නිෂ්පාදන වගකීමක් (Manufacturer Warranty) ලබාගැනීමට හැකිවීම මෙහි ඇති අනෙක් විශේෂම වාසියක් ලෙස පෙන්වාදිය හැකි අතර පරිගණකයක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාගැනීමට හැකි එකම නිෂ්පාදන වගකීමත් මෙය වීම විශේෂම ලක්ෂණයක්.
e-wis ආයතනය මඟින් ලබාදුන් මෙම වටිනා සේවාව මඟින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට අපේම පරිගණක ලබාගැනීමට හැකියාව තිබෙන අතර එය අපේ රටේ ආර්ථිකයටත් ඉතා වාසිදායක වෙනවා මෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට මහත් ආඩම්බර වීමට පුළුවන් කරුණක්.
No comments:
Post a Comment