11 වසර - හයවන ඒකකය - සමාජය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය

 

UNIT  06 - සමාජය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය.


01. විනෝදාස්වාදය සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කරන අවස්ථා කිහිපයක් පහත රූපවලින් දැක්වේ. ඒවා හඳුනාගෙන නම් කරන්න.

   



 

02. පහත සඳහන් විස්තරයට ගැළපෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයේ දී ඇතිවන ගැටළුව තෝරා එම අක්ෂරය හිස්තැන මත ලියන්න.  

  1. ............ වෙබ් අඩවියකට හෝ පරිගණක පද්ධතියකට යොදා ඇති පරිශීලක නාමය සහ මුරපදය සොරා ගනිමින් උපක්‍රමශීලීව දත්ත සොරාගැනීම

2. ........... අන්තර්ජාලයේ පුද්ගලයකු සතු බැංකු අංක, අත්සන් ආදිය අනුසාරයෙන් විවිධ ගණුදෙනු මුවාවෙන් පුද්ගලයින් රවටමින් ඔවුන්ගේ ණයපත් මුදල් මගින් වංචා කිරීම.

3. ........... බලාපොරොත්තු නැති අවස්ථාවක විදුලිය විසන්දි වීමකදී පරිගණක පද්ධතිය සහ ලේඛනවලට සිදුවන හානිය වළක්වා ගැනීමට මෙය සිදුකරයි.

4. ........... පරිගණක ජාලයක ඇති පරිගණක මගින් අන්තර්ජාලයට පිවිසීමේදී අනවසර පිවිසුම්කරුවන්ගෙන් පරිගණක ජාලය ආරක්ෂා කර ගැනීමට මෙය භාවිතා කරයි.

5. ........... පරිගණක පද්ධතියක සිදුවන හදිසි බිඳ වැටීමක දී අවශ්‍ය තොරතුරු විනාශ වීම වළකා ගැනීමට මෙය සිදුකරයි.

6. ........... අන්තර්ජාලය තුළ හුවමාරු වන සෑම තොරතුරක්ම පෙරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කරයි.

7. ........... පරිගණක වල තැන්පත් කර ඇති ලේඛන වල ආරක්ෂාවට මෙන්ම අනවසර පිවිසීම හා භාවිත පාලනයට අකුරු, ඉලක්කම්, සලකුණු සම්මිශ්‍ර කොට තනා ඇති වචනයකි.

8. ........... පරිගණක විද්‍යාගාරයක ඇති පරිගණක හා අනෙකුත් විදුලි උපාංග සඳහා සපයන විදුලි බලයේ වෝල්ටීයතාවය පාලනයට මෙය යොදාගනී.

9. ........... පුද්ගලයකුගේ අනන්‍යතාවය දැක්වෙන තොරතුරු පරිගණකයකින් හෝ උපක්‍රමයකින් හෝ සොරා ගැනීම.

10. ........... නිර්මාණකරුවකුගේ අදහස්, රචනා හෝ වෙනත් නිර්මාණයක් පිටපත් කර ගනිමින් ඔහුගේ අවසරයකින් තොරව ඒ තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම.

11. ........... පරිගණක විද්‍යාගාරයේ දිනයේ ක්‍රියාකාරීත්වය වීඩියෝ පටයක් ලෙස තැන්පත් කර තබාගෙන නැරඹීම සිදු කිරීමට මේ භාවිතා කළ හැකිය.

12. ........... පුද්ගලයකු හෝ ආයතනයක් හෝ විසින් සිදුකරන ලද නව නිර්මාණයක් අයිතිකරුගේ අවසරයකින් තොරව වෙනත් නිර්මාණ සඳහා යොදා ගැනීම හෝ විකිණීම තහනම් කිරීම.

13. ........... පරිගණක විද්‍යාගාරයක හෝ පෞද්ගලික පරිගණකයක හෝ කුණු, දුහුවිලි, තෙතමනය නිසා බලපෑමට ලක්වීම.

 

03. හානිකර මෘදුකාංග වර්ග සහ ඒවායෙන් සිදුවන හානිය නිවැරදිව ගළපා අදාළ වචනය හිස්තැන් හි යොදන්න.

   

1. අනවසරයෙන් ලැබෙන විද්‍යුත් තැපැල් ................................. ලෙස හඳුන්වන අතර මේවා නොහඳුනන අය එවා ඇත.

2. සමග ජාල සමඟ සම්බන්ධතා තබාගන්නා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන හානිකර මෘදුකාංග ................................ ලෙස හඳුන්වයි.

3. පරිශීලකයා අන්තර්ජාලය හා සම්බන්ධ වන අවස්ථාවේ දී ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටුවකට එම සම්බන්ධතාවය යොමු කරවනුයේ ..........................................

4. .............................. , පරිගණක වෛරස මෙන් ක්‍රියා කරන අතර තමාට තනිව ක්‍රියාත්මක වීමේ හා පැතිර වීමේ හැකියාවක් ඇත.

5. පරිශීලකයන් රවටා බැංකු ගිණුම් හෝ විද්‍යුත් ගිණුම්වල තොරතුරු ලබාගැනීම සිදුකරනුයේ .................................. මගිනි.

6. අදාළ නොවන වෙළඳ ප්‍රචාරණ පරිගණක තිරය මත දර්ශනය කිරීම .............................. විසින් සිදු කරයි.

7. පරිගණක වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් තමාගේ පිටපත් පරිගණකය තුළ පතුරවනුයේ, ......................................... ය.

8. පරිශීලකයා නොදැනුවත්වම පද්ධතියට සම්බන්ධ වී අනවශ්‍ය ලෙස විවෘත වන පරිගණක කවුළු වෙනස් වන හැඩතල ඇති කරමින් ද, ලේඛන අපහසුතාවයට පත් කරන අතර ................................... මගින් අනෙක් හානිකර මෘදුකාංග වලට පරිගණකයට ඉඩ සලසයි.

 

04. පරිගණකය භාවිතයේදී වැරදි ඉරියව් හේතුවෙන් ඇති වන ගැටළු කිහිපයකට අදාළ රූප පහත දක්වේ. එම සෞඛ්‍ය ගැටළු හඳුනාගෙන නම් කරන්න.     

   

                


      

 

05. පරිගණකය භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි ඉරියව් දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. එම රූප සටහන ආධාරයෙන් අනුගමනය කළ යුතු ඉරියව් 05 ක් දක්වන්න.

1.                 ............................................................................................................

2.                 ............................................................................................................

3.                 ............................................................................................................

4.                 ............................................................................................................

5.                 ............................................................................................................


පහත දැක්වෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලියන්න.


06. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු කුමක්ද? උදාහරණ 5ක් ලියන්න.

07. රසදිය ආශ්‍රිත රෝග පහක් ලියන්න.

08. අංකිත බෙදුම අර්ථ දක්වන්න.

09. අංකිත සේතුව පහදා, අංකිත සේතුව ඇති කිරීමට ඔබට උපකාර විය හැක්කේ කෙසේදැයි පහදන්න.

10. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ රැකියා අවස්ථා පහක් 5ක් ලියා දක්වන්න.

11. ඔබ දන්නා ප්‍රචලිත වයිරස් මෘදුකාංග පහක් ලියන්න.

12. පහත සඳහන් දෑ කෙටියෙන් හඳුන්වන්න.

1.          සයිබර් අපරාධ

2.          සමාජ වෙබ් අඩවි

 

 

 

No comments:

Post a Comment